හෙඩ් – ස්මිත් 251* ක සම්බන්ධය පළමු දිනයේ ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙයි

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද(7) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 327 ක්.

නොදැවී පන්දුවට පහර දෙන ට්‍රැවිස් හෙඩ් ලකුණු 146 ක් ද, ස්ටීවන් ස්මිත් ලකුණු 95 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට ගොඩ නැගී ඇති සම්බන්ධතාවය ලකුණු 251* (370) ක්.

ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස උස්මාන් කවාජා ලකුණු නොලබා දැවී ගියේ මොහමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 43 කට දවා ගැනීමට ශර්දුල් තාකූර් සමත් වුණා. මර්නස් ලබුෂේන් ලකුණු 26 යි. මොහමඩ් ෂාමිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...