ඇෆ්ඝනිස්තානයට ලකුණු 324 ක ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට හම්බන්තොට දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 323 ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. පැතුම් ලකුණු 43 කට දැවී ගිය අතර, දිමුත් සිය 7 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 52(62) ක් රැස් කළා.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා සධීර සමරවික්‍රම තෙවැනි කඩුල්ලට ලකුණු 88 (86) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. සධීර පන්දු 46 කින් ලකුණු 44 ක් ලබා ගත් අතර, චරිත් අසලංක ලකුණු 6 කට දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 75 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 ක්. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7ක් ඇතුළත්.

නායක දසුන් ශානක පන්දු 13 කින් ලකුණු 23 ක් ද, ධනංජය ද සිල්වා පන්දු 24 කින් නොදැවී ලකුණු 29 ක් ද, වනිදු හසරංග පන්දු 12 කින් නොදැවී ලකුණු 29 ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වේගවත් අවසානය හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී ෆරීඩ් අහ්මඩ් හා මොහමඩ් නබී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයකදී පළමුව පන්දුවට පහර දී ලකුණු 320 සීමාව ඉක්මවා රැස් කළ කිසිදු තරගයක් මෙතෙක් පරාජයට පත්ව නැහැ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් 4 ක් සිදු කර තිබෙනවා. ඒ අනුව සධීර සමරවික්‍රම, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවා ඇත්තේ ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, ලහිරු කුමාර (ආබාධයක්) හා මතීෂ පතිරණ වෙනුවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...