පෝප්ගේ ද්විත්ව ශතකය හා ඩකට්ගේ 182 හමුවේ අයර්ලන්තය ඉනිමක පරාජයක් අභියස

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(2) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 97 ක් ලබා සිටියා.

හැරී ටෙක්ටර් නොදැවී ලකුණු 33ක් හා ලෝකන් ටකර් නොදැවී ලකුණු 21 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පීටර් මුවර් ලකුණු 11 කට දැවී ගිය අතර, ජේම්ස් මැකලම් ලකුණු 12 ක් ලබා සිටියදී පාදයක සිදු වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 2 යි. පෝල් ස්ටර්ලින්ග් ලකුණු 15 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු තුනම බිද හෙලුවේ සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ජොෂ් ටොන්ග්.

දෙවැනි දිනය සදහා තරගය අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 152 ක් ලබා සිටියේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය ලබා ගත් ලකුණු 172 කට පිළිතුරු වශයෙන්.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ඔලී පෝප් ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 205 ක් රැස් කළේ පන්දු 208 කින්. හයේ පහර 3 කින් හා හතරේ පහර 22 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. බෙන් ඩකට් ලකුණු 182 කට දැවී ගියා. පන්දු 178 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 24 ක් ඇතුළත්.

සැක් ක්‍රව්ලි හා ජෝ රූට් ලකුණු 56 බැගින් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ඇන්ඩි මැක්බ්‍රයන් කඩුලු 2 ක් දවා ගත්තා.

ඒ අනුව අයර්ලන්තය මේ වන විට ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 255 ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...