ලකුණු 20 ක් 30ක් මදි වුණා : අසලංක

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී පිතිකරුවන් තවත් ලකුණු 20 ක් 30 ක් පමණ ලබා ගත්තේ නම් තරගයේ තීරණය වෙනස් වීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු චරිත් අසලංක පවසනවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

තණතීරුව කෙමෙන් කෙමෙන් පිතිකරුවන්ට වාසි දායක ස්වභායක් ගත් බවත්, එබැවින් තමාගේ ඉලක්කය වී තිබුණේ ලකුණු 280 ක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාම බවත් අසලංක සදහන් කළා.

කෙසේ වෙතත්, පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ අඩුපාඩු හේතුවෙන් තරගය පරාජයට පත් වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

අසලංක ලකුණු 91 ක් රැස් කළේ පන්දු 95 කින්. හතරේ පහර 12 ක් අසලංකගේ ඉනිමට ඇතුළත්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානය ඉනිම නිමා වීමට පන්දු 19 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...