බ්‍රෝඩ්ගේ කඩුලු 5 හා මුල්පෙල පිතිකරුවන් පළමු දිනයේ ගෞරව එංගලන්තයට හිමි කර දෙයි

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(1) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

පළමු දිනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය පන්දුවාර 25 ක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 152 ක්.

ආරම්භක කඩුල්ල සදහා බෙන් ඩකට් හා සැක් ක්‍රව්ලි අතරේ ලකුණු 109 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, ක්‍රව්ලි ලකුණු 56(45) කට දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ. Fionn Hand ගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින් ඔහු දැවී ගියා.

ඩකට් නොදැවී ලකුණු 60 ක් හා ඔලී පෝප් නොදැවී ලකුණු 29 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තයට ස්ටුවට් බ්‍රෝඩ් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

ජේම්ස් මැකලම් ලකුණු 36 ක්, කර්ටිස් කැම්පර් ලකුණු 33 ක් හා පෝල් ස්ටර්ලින්ග් ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බ්‍රෝඩ් කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 51 ක් ලබා දෙමින්. ජැක් ලීච් කඩුලු 3 ක් ද, මැතිව් පොට්ස් කඩුලු 2 ක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...