බැලන්ස්, හෝගාර්ඩ්, බ්‍රෙස්නන් ඇතුළු 6 දෙනෙකුට ක්‍රිකට් තහනම් සමග දඩ පනවයි

Date:

එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව එල්ල වූ ජාතිවාදී සහ/හෝ වෙනස්කොට සැලකීමේ හැසිරීම්වලට අදාළ චෝදනා පිළිබද විමර්ශනය කළ ස්වාධීන ක්‍රිකට් විනය කමිටුව විසින් වැරැදිකරුවන් වූවන්ට ලබා දෙන දඩුවම් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Gary Ballance, Matthew Hoggard, Tim Bresnan, John Blain, Andrew Gale සහ Richard Pyrah යන අයට එරෙහිව ක්‍රිකට් තහනම් හා දඩ නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්තයට ක්‍රීඩා කර මෑතකදී සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව ක්‍රිකට් පිටියෙන් සමු ගත් ගැරී බැලන්ස්ට එරෙහිව තරග 6ක තහනමක් හා පවුම් 3,000 ක (රුපියල් ලක්ෂ 11 ක පමණ මුදලක්) දඩයක් පනවා තිබෙනවා. ඔහු යළි එංගලන්ත ක්‍රිකට් පිටියට පිවිසෙන්නේනම් අදාළ තහනම බලපානු ඇති.

ටිම් බ්‍රෙස්නන්ට එරෙහිව තරග 3ක තහනමක් හා පවුම් 4,000 ක දඩයක් නියම කර ඇති අතර, ඇන්ඩෘ බ්ලේන්ට හා මැතිව් හෝගාර්ඩ්ට එරෙහිව පනවා ඇති දඩ මුදල වන්නේ පිළිවෙලින් පවුම් 2,500 ක් හා 4,000 ක්.

පුහුණුකරුවන් වන ඇන්ඩෘ ගේල්ට සති 4ක තහනමක් මෙන්ම පවුම් 6,000 ක දඩයක් ද, රිචර්ඩ් පිරාහ්ට සති දෙකක තහනමක් හා පවුම් 2,500 ක දඩයක් ද නියම කර තිබෙනවා.

මෙම දඩුවම්වලට එරෙහිව අභියානා ඉදිරිපත් කරන්නේනම් ජූනි 9 වැනිදාට පෙර එම අභියාචනා ඉදිරිපත් කළ යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...