ඔස්ට්‍රේලියානු නායිකාව අළුබදුනෙන් ඉවතට

Date:

ඔස්ට්‍රේලියානු නායිකා මැග් ලෙනින්ට එංගලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත එළඹෙන අළුබදුන තරගමාලාව ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

වෛද්‍ය හේතූන් මත ඇය තරගමාලාවෙන් ඉවත්ව ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ජූනි 22 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත අළුබදුන තරගමාලාවේ දී ඇය වෙනුවට ඇලීසා හීලී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති අතර, උප නායිකාව ලෙස පත් කර ඇත්තේ Tahlia McGrath.

මැග් ලෙනින් වෙනුවට වෙනත් ක්‍රීඩිකාවක් සංචිතයට ආදේශ කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන නැහැ.

ඔස්ට්‍රේලියානු A කණ්ඩායම ද අදාළ කාලයේ දී ම එංගලන්තයේ තරග සංචාරයක නිරත වන බැවින් අවශ්‍ය අවස්ථාවකදී එම සංචිතයෙන් ක්‍රීඩිකාවක් ඔස්ට්‍රේලියානු සංචිතයට කැදවීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට පවතිනවා.

කාන්තා අළුබදුන තරගමාලාවට ටෙස්ට් තරගයක්, 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...