ටෙස්ට් ශූරතාවලියේ සමස්ථ ත්‍යාග මුදල කෝටි 114 ක් ; ශ්‍රී ලංකාවට හිමි මුදලත් නිවේදනය කෙරේ

Date:

2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කළ රටවල් 9 සදහා ලබා දෙන ත්‍යාග මුදල් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(26) නිවේදනය කළා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක මුදලක් හෙවත් රුපියල් කෝටි 114 ක පමණ මුදලක් රටවල් 9 අතරේ බෙදා දීමට නියමිතයි.

ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතරයි.

ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 මුදලක් හෙවත් රුපියල් කෝටි 48 ක පමණ මුදලක් ද, අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් 800,000 ක මුදලක් ද පිරිනැමීමට නියමිත බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

2019-21 ලෝක ටෙස්ට් ශූරතාවලියට ලබා දුන් ත්‍යාග මුදල් ප්‍රමාණය හා සැසදීමේ දී මෙම වසරේ දී ත්‍යාග මුදල් ප්‍රමාණය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගත් දකුණු අප්‍රිකාවට ඩොලර් 450,000 ක මූල්‍ය ත්‍යාගයක් ද, සිව්වැනි ස්ථානය දිනා ගත් එංගලන්තයට ඩොලර් 350,000 ක මූල්‍ය ත්‍යාගයක් ද හිමි වනවා.

ටෙස්ට් ශූරතාවලිය පුරා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන කිහිපයේ රැදී සිටියද අවසානයේ දී 5 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ ශ්‍රී ලංකාවට හිමි වන ත්‍යාග මුදල ඩොලර් 200,000 ක්. එනම්, රුපියල් කෝටි 6 ක පමණ මුදලක්.

සෙසු කණ්ඩායම් 4 වන නවසීලන්තය (6), පාකිස්තානය (7), බටහිර ඉන්දීය කොදෙව් (8) හා බංග්ලාදේශයට (9) ඩොලර් 100,000  බැගින් පිරිනැමීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...