ඉන්ග්ලිස්ගේ පිය පදවිය නිසා ඔස්ට්‍රේලියානු අළුබදුන සංචිතයට වෙනසක්

Date:

කඩුලු රකින ක්‍රීඩකයෙකු වන Jimmy Peirson එංගලන්තයට එරෙහි අළුබදුන තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

ඒ, ජොෂ් ඉන්ග්ලිස්ට අළුබදුන සංචාරයේ කොටසක් සදහා සම්බන්ධ වීමට නොහැකි වීම හේතුවෙන්.

ලෝඩ්ස් හී දී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට පෙර Jimmy Peirson සංචිතය සමග එක්වීමට නියමිතයි.

සිය බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් ජොෂ් ඉන්ග්ලිස් යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතව සිටින බවත්, අනතුරුව යළිත් වෙනත් දිනයකදී ඔහු එංගලන්තය වෙත පැමිණිමට සූදානමින් සිටින බවත් සදහන්.

පසුගිය වසරේ පැවැති ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී නොදැවුණු ශතකයක් වාර්තා කිරීමට Jimmy Peirson සමත් වුණා.

කෙසේ වෙතත්, එංගලන්තයේ දී ඔහුට ටෙස්ට් වරම් දිනා ගැනීමටනම් ප්‍රධාන කඩුලු රකින ක්‍රීඩකයා වන ඇලෙක්ස් කෙරීට යම් ආබාධයක් හෝ සිදු විය යුතුයි.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ද ජූනි 7 වැනිදා ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ආරම්භ වීමට නියමිත අතර, ඒ අනුව ඔස්ට්‍රේලියානු සංචිතයේ ක්‍රීඩකයින් අද(26) දිනයේ දී එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...