සංගා අයි.සී.සී සභාපතිධූරයට පත් වන ලකුණු

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ මාරිලිබෝන් ක්‍රිකට් සමාජය හෙවත් එම්.සී.සී හි වත්මන් සභාපති කුමර් සංගක්කාර මහතා ඉදිරියේ දී ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරයට පත් වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සභාපතිධූරය සදහා ඔහුව පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී කටයුතු සැලසුම් කරනු ඇති බව සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා විදෙස් ක්‍රීඩා මාධ්‍යක් වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ සංගක්කාරගේ එම්.සී.සී සභාපතිධූර කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලා සිටින බවයි.

අනතුරුව ඔහුගේ දැනුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ප්‍රයෝජනයට ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත්, අයි.සී.සී සභාපතිධූරය සදහා ඔහුව ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවත්, ලේකම්වරයා කියා සිටියා.

“මෙතෙක් කල් ශ්‍රී ලංකාවෙන් කිසිදු අයි.සී.සී සභාපතිවරයෙකු පත් වී නැහැ. සංගා තමයි ඒකට සුදුසුම අපේක්ෂකයා.”

යනුවෙන් ලේකම් මොහාන් ද සිල්වා මහතා අවධාරණය කර සිටියා.

ක්‍රිකට් ආයතනයක සභාපතිවරයා අයි.සී.සී ප්‍රධානියා විය යුතු බවට මීට පෙර සම්ප්‍රදායක් පැවතිය ද මේ වන විට එවැනි ක්‍රමවේදයක් වලංගු වන්නේ නැහැ.

වත්මන් අයි.සී.සී සභාපති ශශාන්ක් මනෝහාර් ද එම ධූරයට පත් වන අවස්ථාව වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු ඊට පෙර දෙවරක් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරය දරා තිබුණා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...