ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත සංචිතය මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, ඇන්ඩෘ බල්බර්නිගේ නායකත්වයෙන් යුත් අයර්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

Stephen Doheny ට සංචිතයේ ස්ථානයක් හිමි වී නැහැ. Mark Adair, Josh Little, Craig Young, Barry McCarthy, Graham Hume හා Curtis Campher වේග පන්දු යැවිය හැකි ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්.

ටෙස්ට් හා 20යි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර ඇතත්, මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති පා දග පන්දු යවන ක්‍රීඩක Ben White ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

අයර්ලන්තය මූලික වටයේ දී B කාණ්ඩයෙන් තරග වදින අතර, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය ජූනි 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Ireland squad:

Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Graham Hume, Josh Little, Andy McBrine, Barry McCarthy, PJ Moor, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...