රුටුරාජ්, තීක්ෂණ හා ජඩේජා චෙන්නායි 10 වැනි වරටත් අවසන් තරගයට ගෙන යයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier 1) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(23) සමත් වුණා. සුපර් කිංග්ස් කණ්ඩායම අයි.පී.එල් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 10 වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.

ටයිටන්ස් ඉනිම අඩපන කළ මහීෂ් තීක්ෂණ පන්දුවාර 4 තුළ ලකුණු 28 ක් ලබා දෙමින් හර්ඩික් පාන්ඩ්යාගේ හා රාහුල් තෙවාටියාගේ කඩුලු දවා ගැනීමට සමත් වුණා. මතීෂ පතිරණ කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 37 ක් ලබා දෙමින්. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 18 කට කඩුලු 2ක් දවා ගත්තා.

ටයිටන්ස් ඉනිම වෙනුවෙන් ෂුබ්මන් ගිල් ලකුණු 42 ක් රැස් කළේ පන්දු 38 කින්. දසුන් ශානක පන්දු 16 කින් ලකුණු 17 ක් ලබා ගත් අතර, රෂීඩ් ඛාන් ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වෙමින් ලකුණු 30 ක් රැස් කළේ ද පන්දු 16 කට මුහුණ දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල වෙනුවෙන් ආරම්භ කඩුල්ල සදහා ලකුණු 87 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ආරම්භක පිතිකරුවන් වූ රුටුරාජ් ගයික්වඩ් ලකුණු 60 (44) ක් රැස් කළ අතර, ඩෙවෝන් කොන්වේ ලකුණු 40(34) යි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22 ක් රැස් කළා. අජින්කෙයා රහානේ හා අම්බටි රයිදු ලකුණු 17 බැගින් ලබා ගනිමින් මැදපෙලට යම් ශක්තියක් එක් කළා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි හා මෝහිට් ෂර්මා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...