ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර පුහුණු තරගය ජූනි 15 වැනිදා

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන්.

තරගාවලියේ තරග කාලසටහන ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද ප්‍රකාශයට පත් කළ අතර, ඉන් අනතුරුවයි පුහුණු තරග කාලසටහන ද නිවේදනය කළේ.

තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජූනි 13 වැනිදා හා ජූනි 15 වැනිදා පුහුණු තරග පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙක නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Warm-up fixtures:

  • Tuesday, 13 June

West Indies v Scotland, Harare Sports Club
Zimbabwe v Oman, Takashinga Cricket Club
Nepal v UAE, Old Hararians Cricket Club
Sri Lanka v Netherlands, Queen’s Sports Club
Ireland v USA, Bulawayo Athletic Club

  • Thursday, 15 June

Nepal v Oman, Harare Sports Club
West Indies v UAE, Takashinga Cricket Club
Zimbabwe v Scotland, Old Hararians Cricket Club
Ireland v Netherlands, Queen’s Sports Club
Sri Lanka v USA, Bulawayo Athletic Club

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...