LPL ක්‍රීඩක වෙන්දේසියට පාකිස්තානයෙන් 24 ක් – නම් ලැයිස්තුව මෙන්න

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා පාකිස්තාන ක්‍රීඩකයින් 24 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

විදෙස් ක්‍රීඩකයින් අතරින් ඉහළම මූලික වටිනාකමක් හිමිව ඇති ක්‍රීඩකයින් අතරට පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩි ද ඇතුළත්.

එම වටිනාකම අමෙරිකානු ඩොලර් 60,000ක්.

ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් හි ක්‍රිස් ගේල් සහ දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසිස් ද අමෙරිකානු ඩොලර් 60,000 ඛාණ්ඩයට ඇතුළත්.

ශහිඩ් අෆ්රිඩි මේ වන විටත් Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

පාකිස්තානයේ ෂොයිබ් මලික් අමෙරිකානු ඩොලර් 50,000ක මූලික වටිනාකමක් සහිත ඛාණ්ඩයටත්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් අමීර් සහ වහබ් රියාස් අමෙරිකානු ඩොලර් 40,000 ඛාණ්ඩයටත් ඇතුළත්.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියේදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇති.

ඩැරන් සමී, ඩැරන් බ්‍රාවෝ, ශකීබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටව්, කොලින් මුන්රෝ, ලුක් රයිට් සහ වර්නන් ෆිලෙන්ඩර් වැනි ක්‍රීඩකයින් ද වෙන්දේසියට ඉදිරිපත්ව සිටිනවා.

ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අයැදුම් කර සිටීම ද විශේෂත්වයක්.

එම ක්‍රීඩකයන් වන්නේ මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, මන්ප්‍රීට් ඝෝනි සහ ෂදාබ් ජකාති .

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි.

වෙන්දේසියට ඉදිරිපත්ව සිටින සෙසු පාකිස්තාන ක්‍රීඩකයින් –

Sarfaraz Ahmed, Kamran Akmal, Sharjeel Khan, Mohammad Irfan, Yasir Shah, Imam-ul-Haq, Haris Sohail, Mohammad Sami, Umar Gul, Mohammad Abbas, Sohail Tanvir, Junaid Khan, Imad Wasim, Anwar Ali, Mohammad Nawaz, Hussain Talat, Asif Ali, Iftekhar Ahmed, and Ruman Raees.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...