ටයිටන්ස් ජයග්‍රහනයෙන් පසු නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 62 වැනි තරගය ඊයේ (15) රාත්‍රියේ නිමා වුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලැබූ ජයත් සමග අවසන් වටයේ ස්ථානයක් ටයිටන්ස් කණ්ඩායමට හිමි කරමින්.

එම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් මූලික වටය අවසන් කිරීමේ අවස්ථාව ද මේ වන විට ටයිටන්ස් කණ්ඩායමට හිමිව තිබෙනවා.

ඒ අනුව ඔවුන් අවසන් වටයේ පළමු තරගය හෙවත් qualifier 1 තරගය සදහා ක්‍රීඩා කරන අතර, ඉන් ජය ගතහොත් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා. qualifier 1 තරගය පරාජයට පත් වුවහොත්, ඔවුන් qualifier 2 තරගය සදහා සුදුසුකම් ලබන අතර, එම තරගය ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ටයිටන්ස් කණ්ඩායමට හිමි වනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් හිමි කර ගෙන සිටින්නේ තරග 13 කින් තරග 9 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 18 ක් හිමි කර ගනිමින්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. ඒ, තරග 13 කින් තරග 7ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 15 ක් හිමි කර ගනිමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට තරග 12 කට ක්‍රීඩා කර ඉන් තරග 7 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවනවා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 13 ක් හිමි කර ගනිමින් රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් හතරම ප්‍රසාද ලකුණු 12 බැගින් ලබා ඇති අතර, ඔවුන් පිළිවෙලින් 5 වැනි, 6 වැනි, 7 වැනි හා 8 වැනි ස්ථානවල පසුවනවා.

සන්රයිසස් හයිදරාබාද් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා රැදී සිටින්නේ පිළිවෙලින් 9 වැනි හා 10 වැනි ස්ථානවලයි. එම කණ්ඩායම් දෙකම මේ වන විටත් තරගාවලියෙන් ඉවත් වී අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...