ගිල්ගේ 101 හා ෂාමි-මෝහිට්ගේ කඩුලු 8 හමුවේ ටයිටන්ස් අවසන් වටයට ; SRH ඉවතට

Date:

ෂුබ්මන් ගිල් වාර්තා කළ විශිෂ්ඨ ශතකය හා පන්දු යවන්නන් දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 62 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 34 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(15) සමත් වුණා.

මෙම තරගයෙන් ලැබූ පරාජයත් සමග සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැරීමට ද සිදු වුණා.

අහ්මදාබාද්හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම ෂුබ්මන් ගිල් වාර්තා කළ ලකුණු 101 න් ශක්තිමත් වෙමින් ලකුණු 188 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

ටයිටන්ස් ඉනිම වෙනුවෙන් පන්දු 58 කින් වාර්තා වූ ගිල්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 13 ක් ඇතුළත්. සායි සුදර්සන් ලකුණු 47 යි. ව්රිධිමන් සහා තරගයේ පළමු පන්දුවාරයෙන්ම දැවී යාමෙන් පසුව ගිල් හා සුදර්සන් අතර දෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 147 ක්.

පන්දුවාර 14 ක් අවසන් වන විට ඔවුන් ලකුණු 147 ක් වාර්තා කර තිබූ අතර, ඔවුන් ලකුණු 200 සීමාව පහසුවෙන් පසු කර යනු ඇති බවට අපේක්ෂා කෙරුණා. කෙසේ වෙතත්, අවසන් පන්දුවාරවලදී සන්රයිසස් පන්දු යවන්නන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ටයිටන්ස් පිල ලකුණු 188 කට සීමා කිරීමට සමත් වුණා. මෙම තරගයේ දී ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගත් දසුන් ශානක නොදැවී ලකුණු 9 (7) ක් රැස් කළා.

බුවනේෂ්වර් කුමාර් යොමු කළ ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ටයිටන්ස් කණ්ඩායමේ කඩුලු 4 ක් දැවී යාම කැපී පෙනුණා. මෙම තරගයේ දී බුවනේෂ්වර් කුමාර් ලකුණු 30 කට දවා ගත් කඩුලු ගණන 5 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලකුණු 59 දී බිද වැටුණු අතර, අනතුරුව 8 වැනි කඩුල්ල සදහා ලකුණු 68 (47) ක සම්බන්ධතාවයක් පිහිටුවමින් සන්රයිසස් පිලට යම් බලාපොරොත්තුවක් ගෙන ඒමට හෙන්රික් ක්ලාසන් හා බුවනේෂ්වර් කුමාර් සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ක්ලාසන් පන්දු 44 කින් ලකුණු 64 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්. බුවනේෂ්වර් ලකුණු 27 ක් හා මයාන්ක් මාකන්ඩේ නොදැවී ලකුණු 18 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 21 කට කඩුලු 4 ක් බිද හෙලූ අතර, මෝහිට් ෂර්මා ලකුණු 28 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...