Watch : ටයිටන්ස් අවසන් පන්දුවාරයේ දී දැවී ගිය කඩුලු 4

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 62 වැනි තරගයේ ගුජරාට් ටයිටන්ස් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී කඩුලු 4 ක් දවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

අහ්මදාබාද්හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.

ෂුබ්මන් ගිල් ලකුණු 101 ක් රැස් කළ අතර, මෙම තරගයේ දී ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගත් දසුන් ශානක නොදැවී ලකුණු 9 (7) ක් රැස් කළා.

ඉනිමේ අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකේ දී ෂුබ්මන් ගිල් හා රෂීඩ් ඛාන් දවා ගැනීමට බුවනේෂ්වර් කුමාර් සමත් වුණා. තෙවැනි පන්දුවේ දී නූර් අහ්මඩ් දුවද්දී දවා ගැනීමට ද සමත් වුණේ බුවනේෂ්වර් විසින්.

එම පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී මොහමඩ් ෂාමිගේ කඩුල්ල දවා ගැනීමට ද බුවනේෂ්වර් සමත් වූ අතර, ඔහු මෙම තරගයේ දී ලකුණු 30 කට දවා ගත් කඩුලු ගණන 5 ක්.

රාහුල් තෙවාටියාගේ කඩුල්ල හා අවසන් පන්දුවාරය‌ේ දී දැවී ගිය කඩුලු 4 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...