බංග්ලාදේශ තුන් ඉරියව් ක්රීඩක ශකිබ් අල් හසාන්ට අයර්ලන්තය සමග අද(14) පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්රිකට් තරගය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.
පසුගිය සිකුරාදා පැවැති දෙවැනි එක්දින තරගයේ දී ජෝර්ජ් ඩොක්රෙල් ලබා දුන් උඩ පන්දුවක් ගිලිහී ගිය අවස්ථාවේ දී යි ඔහුගේ ඇගිල්ලක මෙම ආබාධය සිදුව ඇත්තේ.
කෙසේ වෙතත්, ඔහු එම තරගයේ දී බංග්ලාදේශ හඹා යාමේ දී පිතිකරණයේ ද නිරත වූ අතර, එහිදී ඔහු ලකුණු 26 ක් රැස් කිරීමට සමත් වුණා.
මෙම ආබාධය නිසා ශකිබ්ට සති 6 ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති. ඒ අනුව ජූනි මාසයේ දී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ද ශකිබ්ට බොහෝ විට අහිමි වීමට ඉඩ තිබෙනවා.

