දුර්වල පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද (9) සිදු වුණා. ඒ අනුව පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් ලැබූ බංග්ලාදේශය තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගැනීමට මේ වන විට සමත්ව සිටිනවා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ Nigar Sultana පන්දු 51 කින් නොදැවී ලකුණු 75 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. හයේ පහර 2 ක් හා හතරේ පහර 7 ක් ඇයගේ ඉනිමට ඇතුළත්. Ritu Moni ලකුණු 33 යි.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 71 ක්.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදනී, කාව්‍යා කවිදි හා ඕෂදී රණසිංහ කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් උඩ පන්දු ගිලිහී යාම, දුවද්දී දවා ගැනීමේ අවස්ථා හා ස්ටම්ප් කිරීමේ අවස්ථා සාර්ථක කර නොගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බලපානු ලැබුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 45(44) ක් ද, චමරි අතපත්තු ලකුණු 38 (28) ක් ද රැස් කළ අතර, නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 29 යි.

පන්දු යැවීමේ දී Fahima Khatun කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...