ජොෆ්ර ආචර් ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකු මුම්බායි ඉන්දියන්ස් නම් කරයි

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් වෙනුවට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ජෝර්ඩන් ආදේශ කිරීමට මුම්බායි කලමණාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

ආචර් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම නම් කිරීම සිදු කර ඇති බවයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් අද(9) නිවේදනය කළේ.

ආචර් යළි එංගලන්තය බලා පිටත්ව යන බවත්, එහිදී ඔහුගේ තත්ත්වය එංගලන්ත ක්‍රිකට් වෛද්‍ය කමිටුව විසින් අධීක්ෂණය කරනු ඇති බවත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

මුම්බායි කණ්ඩායම විසින් ජොෆ්ර ආචර් ඉන්දීය රුපියල් කෝටි 8 ක මුදලකට 2022 තරග වාරයට පෙර පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගත් නමුත්, ඔහු 2022 තරග වාරයම ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කළේ නැහැ.

මෙවර තරගාවලියේ දී ද ඔහු තරග 5 ක් පමණක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු දවා ගත්තේ කඩුලු 2 ක් පමණයි.

ඔහු වෙනුවට මුම්බායි සංචිතයට ආදේශ කෙරුණු ක්‍රිස් ජෝර්ඩන් මිලදී ගැනීමට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ඔහු වෙන්දේසිය සදහා ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් යටතේ ඉදිරිපත්ව සිටි අතර, මුම්බායි කණ්ඩායම සමග ඔහු ගිවිසුම්ගත වී ඇත්තේ ද එම මුදලටයි.

ජෝර්ඩන් මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, සන්රයිසස් හයිදරාබාද්, පංජාබ් කිංග්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සදහා ක්‍රීඩා කර තිබුණා.

34 හැවිරිදි ඔහු අයි.පී.එල් ඉනිම් 28 කදී කඩුලු 27 ක් දවා ගෙන තිබෙනවා. ඔහු අවසන් වරට 2022 වසරේ දී සුපර් කිංග්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...