වරුන්, රානා හා රසල්ගේ දක්ෂතා නයිට් රයිඩර්ස් පිලට අවසන් පන්දුවේ දී ජය ගෙනෙයි

Date:

වරුන් චක්‍රවර්තීගේ විශිෂ්ඨ පන්දු යැවීමත්, නිටිෂ් රානාගේ අර්ධ ශතකයක්, අන්ඩ්‍රි රසල්ගේ වේගවත් පිතිහරඹයත් හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.

කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 15 කට හා ජේසන් රෝයි ලකුණු 38 කට දැවී ගියා. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක නිටිෂ් රානා පන්දු 38 කින් ලකුණු 51 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 6 ක් සමගින්.

වෙන්කටේෂ් අයියර් ලකුණු 11යි. අන්ඩ්‍රි රසල් පන්දු 23කින් ලකුණු 42ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමගින්. රින්කු සිං නොදැවී ලකුණු 21(10) යි. ඉනිමේ අවසන් පන්දුවට ලකුණු 2ක් ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ අතර, රින්කු හතරේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනය හිමි කර දුන්නා.(දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පංජාබ් ඉනිම ආරම්භ කළ ප්‍රබ්සිම්රන් සිං ලකුණු 12 කට දැවී ගිය අතර, අංක 3 පිතිකරු වූ භානුක රාජපක්ෂ ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 15 යි. ජිටේෂ් ෂර්මා ලකුණු 21 ක් ද, සෑම් කරන් ලකුණු 4 ක් ද, රිෂී ධවාන් ලකුණු 19 ක් ද රැස් කළා. ශාරුක් ඛාන් නොදැවී ලකුණු 21 ක් හා හර්ප්‍රීට් බ්‍රාර් නොදැවී ලකුණු 17ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ශිකර් ධවාන් ලකුණු 57 ක් ලබා ගත්තේ පන්දු 47 කින්. හයේ පහරක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ෂිත් රානා ලකුණු 33 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

https://twitter.com/RatherNazaket/status/1655633752192856065

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...