ශ්‍රී ලංකාව පාකිස්තානයට පිටුපායි ? පාකිස්තානය වෙනුවට එමීර් රාජ්‍ය ආසියානු කුසලානයට ?

Date:

මෙවර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීමේ යෝජනාවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව පාකිස්තානයෙන් තරගාවලිය ඉවත් කළහොත් එය සිය රටේ දී පැවැත්වීමට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය කැමැත්තෙන් පසුවන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් සිය කණ්ඩායම පාකිස්තානයට යැවීමට නොහැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර සදහන් කළා.

ඒ අනුව තරගාවලිය වෙනත් රටකදී පැවැත්විය යුතු බවටයි ඔවුන්ගේ යෝජනාව වී තිබුණේ.

කෙසේ වෙතත්, මෙම තීරණයට පාකිස්තානය දැඩි විරෝධයක් පල කළ අතර, එසේ තරගාවලිය වෙනත් රටකදී පවත්වන්නේ නම් සිය රට ආසියානු කුසලාන තරගාවලිය වර්ජනය කරන බවටයි පාකිස්තානය අනතුරු අගවනු ලැබුවේ.

පාකිස්තානය එලෙස තරගාවලිය වර්ජනය කළහොත් ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් පාකිස්තානය වෙනුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම තරගාවලියට ආදේශ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බව පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

පාකිස්තානය ආසියානු කුසලානයට ක්‍රීඩා නොකළහොත් රූපවාහිනී විකාශයකයින්ට සිදුවන අලාභය පියවීම සදහා ඉදිරියේ දී ඉන්දියාව ක්‍රීඩා කරන වෙනත් තරගාවලියක් යොදා ගන්නා බවට ද ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් සහතික කර ඇති බව ද සදහන්.

තරගාවලිය පාකිස්තානයේ දී පවත්වා, ඉන්දියාව ක්‍රීඩා කරන තරග පමණක් වෙනත් රටකදී පැවැත්වීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ද පාකිස්තානය විසින් ඉදිරිපත් කර තිබූ නමුත්, එම යෝජනාවට ද ඉන්දියාව කැමැත්තක් නොදක්වන බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ.

ආසියානු කුසලානය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට නොපැමිණෙන්නේනම්, 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා පාකිස්තාන කණ්ඩායමට ද ඉන්දියාවට යාමට පාකිස්තාන රජය අවසර ලබා නොදෙනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් කලමණාකරණ කමිටුවේ සභාපති නජාම් සෙති සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...