ලෝඩ්ස් ටෙස්ට් තරගයට ස්ටර්ලින්ග් නම් කෙරේ ; ලිට්ල්ට විවේකයක්

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන අයර්ලන්ත ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා පෝල් ස්ටර්ලින්ග් ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඔහු මෙම වසරේ දී ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට ගෙන තිබූ තීරණය සංශෝදනයකට ලක් කරමින් මෙලෙස යළි ටෙස්ට් පිටියට පිවිසීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සදහා ද ඔහු ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා-අයර්ලන්ත තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය අවලංගු කර ඒ වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයක් පැවැත්වීමට තීරණය කිරීමත් සමගයි.

ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු සිය මංගල ටෙස්ට් ශතකය ද වාර්තා කිරීමට සමත් වුණා.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයෙන් විවේක ගන්වා තිබෙනවා.

Craig Young හා Conor Olphert ටෙස්ට් සංචිතයට නම් කර ඇති අතර, ශ්‍රී ලංකා සංචාරයට එක් වූ Murray Commins, Matthew Humphreys හා Ben White සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්ත – අයර්ලන්ත ටෙස්ට් තරගය ජූනි පළමු වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, George Dockrell, Fionn Hand, Graham Hume, Tom Mayes, Andrew McBrine, James McCollum, PJ Moor, Conor Olphert, Paul Stirling, Harry Tector, Lorcan Tucker (wk), Craig Young

Fixtures:

  • May 26-28 – First-class warm-up vs Essex, Chelmsford
  • June 1-4 – Test vs England, Lord’s

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...