පතිරණගේ දක්ෂතා හමුවේ සුපර් කිංග්ස් දෙවැනි ස්ථානයට පත් වෙයි

Date:

මතීෂ පතිරණ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 139 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 17.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණිමට සමත් වුණා.

ඩෙවොන් කොන්වේ ලකුණු 44 ක්ද, රුටුරාජ් ගයික්වඩ් ලකුණු 30 ක් ද, අජින්කෙයා රහානේ ලකුණු 21 ක් ද ලබා ගත්තා. ශිවම් ඩූබේ නොදැවී ලකුණු 26යි. පන්දු යැවීමේ දී පියුෂ් චවුලා ලකුණු 25 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම අඩපන කළ මතීෂ පතිරණ ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා. ඒ, නිලකුණු පන්දු 12 ක් ද සමගින්.

තුෂාර් දේශ්පන්ඩේ හා දීපක් චහාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා. මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 28 ක් පමණක් ලබා දුන් නමුත් ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

මුම්බායි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Nehal Wadhera  ලකුණු 64 ක් රැස් කළේ පන්දු 51 කින්. සූර්යකුමාර් යාදව් ලකුණු 26 ක් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 20 ක් ලබා ගත්තා.

මුම්බායි ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 14 දී බිද වැටුණු පසුබිමකයි මුම්බායි මැදපෙල පිතිකරුවන් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ. කෙසේ වෙතත්, ඉනිමේ අවසන් පන්දුවාරවලදී මතීෂ පතිරණ දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන් මුම්බායි කණ්ඩායමට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...