එංගලන්ත සුපිරි වේග පන්දු යවන්නිය ජාත්‍යන්තර පිටියට සමු දෙයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා Katherine Sciver-Brunt ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි ඇය සිය 19 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙන විට එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 14 ක්, එක්දින තරග 141 ක් හා 20යි 20 තරග 112 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර තරග 267 කදී ඇය බිද හෙලා ඇති කඩුලු ගණන 335 ක්.

එක්දින කඩුලු 170 ක් හා 20යි 20 කඩුලු 114 ක් දවා ගෙන ඇති ඇය එංගලන්තය වෙනුවෙන් වැඩිම එක්දින හා 20යි 20 කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩිකාව ද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...