මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය ලක්නව් හී දී පැවැත්වෙන අතර, මෙම තරගයේ දී ලක්නව් කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දරනු ලබන්නේ කෘනාල් පාන්ඩ්යා විසින්. ඒ, නිත්‍ය නායක කේ එල් රාහුල් ආබාධයකට ලක්ව සිටින බැවින්.
මෙම තරගය සදහා ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරනවා. ආබාධයකට ලක්ව සිටි දීපක් චහාර් ද යළි කණ්ඩායමට කැදවා තිබෙනවා.
කණ්ඩායම් දෙක –
Lucknow Super Giants XI:
Kyle Mayers, Manan Vohra, Karan Sharma, Ayush Badoni, Marcus Stoinis, Nicholas Pooran(w), Krunal Pandya(c), Krishnappa Gowtham, Naveen-ul-Haq, Ravi Bishnoi, Mohsin Khan
Chennai Super Kings XI:
Ruturaj Gaikwad, Devon Conway, Ajinkya Rahane, Moeen Ali, Shivam Dube, Ravindra Jadeja, MS Dhoni(w/c), Deepak Chahar, Matheesha Pathirana, Tushar Deshpande, Maheesh Theekshana

