උනඩ්කට් IPL තරගාවලියෙන් ඉවතට ; රාහුල්ට අද තරගය අහිමි වෙයි

Date:

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජයිදේව් උනඩ්කට්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් උරහිසෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

පුහුණුවීම් අතරතුර පන්දු යවමින් සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහු මෙම ආබාධයට ලක් වුණා. (එම අනතුරෙහි දර්ශන පහතින්)

කෙසේ වෙතත්, ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය වන විට ඔහු සම්පූර්ණයෙන් සුවය ලබා සිටිනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

මෙවර තරග වාරයේ දී ජයිදේව් උනඩ්කට් තරග 3ක් ක්‍රීඩා කළ නමුත්, එහිදී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

මේ අතර, පසුගිය සදුදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති තරගයේ දී පන්දු රකිමින් සිටියදී දකුණු පාදයේ ආබාධයකට ලක් වූ ලක්නව් කණ්ඩායමේ නායක කේ එල් රාහුල්ට අද(3) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අයි.පී.එල් තරගය අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට කෘනාල් පාන්ඩ්යා කණ්ඩායමේ නායකයා ලෙස අද දිනයේ දී කටයුතු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...