එංගලන්තය කොදෙව් තරග සංචාරයක

Date:

එංගලන්ත කණ්ඩායම තරග සංචාරයක් සදහා ලබන දෙසැම්බර් මාසයේ දී කැරිබියන් දූපත් වෙත පැමිණෙන බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මෙම තරග සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5 ක් ඇතුළත්. දෙසැම්බර් 3 වැනිදා සිට 21 වැනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Antigua, Barbados, Grenada හා Trinidad හී දී තරග 2 බැගින් පැවැත්වීමට නියමිතයි.

කැරිබියන් දූපත් හී දී 2024 වසරේ දී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලානයට මාස කිහිපයකට පෙර වත්මන් ලෝක ශූර එංගලන්තය මෙම තරග සංචාරයේ නිරත වීම විශේෂත්වයක්.

එමෙන්ම 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නිමා වී සති දෙකකින් පමණ මෙම තරග සංචාරය ආරම්භ වීමට නියමිතයි.

තරග කාලසටහන –

  • Dec 3, 3023 – 1st ODI : Antigua
  • Dec 6, 2023 – 2nd ODI : Antigua
  • Dec 9, 2023 – 3rd ODI : Barbados
  • Dec 12, 2023 – 1st T20I : Barbados
  • Dec 14, 2023 – 2nd T20I : Grenada
  • Dec 16, 2023 – 3rd T20I : Grenada
  • Dec 19, 2023 – 4th T20I : Trinidad
  • Dec 21, 2023 – 5th T20I : Trinidad

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...