මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 43 වැනි තරගයේ දී ස්ටම්ප් කිරීමකට හසු වී දැවී යාමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලිට අද(1) සිදු වුණා.
ලක්නව් හී දී අද රාත්රියේ ආරම්භ වූ මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්රතිවාදීන් වූයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
බැංගලෝර් ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 62 ක්. විරාත් කෝලි ලකුණු 31 කට දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.
රවී බිෂ්නෝයිගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වී කෝලි දැවී ගියා.
දර්ශන පහතින් නරඹන්න –

