කෝලි, ඩු ප්ලෙසිස් හා පන්දු යවන්නන් ලක්නව් පරදා බැංගලෝර් පිලට ජය ගෙනෙයි

Date:

ෆෆ් ඩු ප්ලෙසිස්ගේ හා විරාත් කෝලිගේ ඉනිම් මෙන්ම පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(1) සමත් වුණා.

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් පිලට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

ලක්නව් කණ්ඩායමේ කිසිදු නම් දැරූ පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් දියත් කිරීමට බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කේ ගෞතම් පන්දු 13 කින් ලකුණු 23 ක් ලබා ගත් අතර, කෘනාල් පාන්ඩ්යා ලකුණු 14 කට දැවී ගියා. මර්කස් ස්ටොයිනිස් හා නවීන් උල් හක් ලකුණු 13 බැගින් රැස් කළා. අමිත් මිශ්‍රා ලකුණු 19 යි. නායක කේ එල් රාහුල් පන්දු රකිමින් සිටියදී සිදු වූ පාදයක ආබාධයක් හේතුවෙන් ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව පිටියට පිවිසි අතර, ඔහු පන්දු 3 කට මුහුණ දුන් නමුත් කිසිදු ලකුණක් (නොදැවී) රැස් කළේ නැහැ.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 15 කට කඩුලු 2ක් ද, කර්න් ෂර්මා ලකුණු 20 කට කඩුලු 2 ක් ද දවා ගත්තා. වනිදු හසරංග එක් කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 20 ක් ලබා දෙමින්. ග්ලේන් මැක්ස්වෙල්, හර්ෂාල් පටෙල් හා මොහමඩ් සිරාජ් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිල වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 44 ක් ද, විරාත් කෝලි ලකුණු 31 ක් ද රැස් කළා. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 62 ක්.

දිනේෂ් කාර්තික් ලකුණු 16 ක් ලබා ගත්තා. වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු නොකළ අතර, වනිදු හසරංග නොදැවී ලකුණු 8යි.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 30 ක් ලබා දෙමින්. රවී බිෂ්නෝයි හා අමිත් මිශ්‍රා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, තරගයෙන් පසුව නවීන් උල් හක්, විරාට් කෝලි හා ගෞතම් ගම්භීර් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වන අයුරුද දක්නට ලැබුණා.

දර්ශන කිහිපයක් පහතින් –

https://twitter.com/maniachiever08/status/1653101916828880897?t=IvgvGYKggGXmOFKOFc4w9g&s=08

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...