මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කේදාර් ජාදාව් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග ගිවිසුමගත වී තිබෙනවා.
ආබාධයකට ලක් වූ ඩේවිඩ් විලී වෙනුවට ඔහු එම කණ්ඩායම සමග එක්ව ඇති බවයි අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.
එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් විලී මෙවර තරග වාරයේ දී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් තරග 4ක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු කඩුලු 3 ක් දවා ගත්තා.
කේදාර් ජාදාව් අයි.පී.එල් වරම් හිමි කර ගත්තේ 2010 වසරේ දී යි. මේ දක්වා අයි.පී.එල් තරග 93 ක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 1,196 ක් වාර්තා කර තිබෙනවා.
මීට පෙර ද කේදාර් ජාදාව් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් තරග 17 ක් ක්‍රීඩා කර තිබුණා.
බැංගලෝර් කණ්ඩායම විසින් ජාදාව් මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටියට මුදලකටයි.

