“පතිරණ ඉතා හොදින් පන්දු යැව්වා, නමුත්…” : එම් එස් දෝනි

Date:

පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ(30) පැවැති අයි.පී.එල් තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉතා හොදින් පන්දු යැවූ බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.

නමුත් ඒ හැරුණු විට සිය කණ්ඩායම පළමු පන්දුවාර 6 තුළ දී පන්දු යැවීම දියුණු කර ගත යුතු බවයි තරගයෙන් පසුව අදහස් දක්වමින් ඔහු සදහන් කළේ.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 200 ක් ලබා ගනිමින්.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායම අවසන් පන්දුවේ දී කඩුලු 6ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32 කට එක් කඩුල්ලක් බිද හෙලුවා. අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 9 ක් පමණක් අවශ්‍ය වූ නමුත්, තරගය අවසන් පන්දුව දක්වාම රැගෙන යාමට මතීෂ සමත් වුණා.

අවසන් පන්දුවට ලකුණු 3 ක් ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ අතර, සිකන්ඩා රාසා එම ලකුණු 3 රැස් කිරීමත් සමග මෙම තරගයෙන් තියුණු ජයක් පංජාබ් පිලට හිමි වුණා.

“අපට වැඩිදියුණු කළ හැකි දේ ගැන බැලිය යුතුයි. මොකද මේ විදිහ තරග ලැබෙනවා. නමුත් මෙවැනි තරග අවසන් කර ගැනීමයි වැදගත් දේ.” යනුවෙන් දෝනි කියා සිටියා.

“පතිරණ ඉතා හොදින් පන්දු යැව්වා. නමුත් ඒ හැරුණු විට පළමු පන්දුවාර 6 තව දියුණු කර ගන්න පුලුවන් – විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්. ඔවුන්ට යැවිය හැකි ඔවුන්ගේ ගැලවීමේ පන්දුව කුමක්ද? ඒ හැරුණු විට පන්දු යැවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.”

මෙවර තරග වාරයේ දී පවර්ප්ලේ අවස්ථාවේ දී චෙන්නායි පන්දු යවන්නන් 10.12 ක දල ලකුණු ප්‍රමාණයක් පන්දුවාරයකට ලබා දී ඇති අතර, එය සියලු කණ්ඩායම්වල දක්ෂතා හා සැසදීමේ දී ඉහළම අගය ගනු ලබනවා.

පවර්ප්ලේ අවස්ථාවේ දී චෙන්නායි පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායම් හතරේ පහර 66 ක් හා හයේ පහර 20 ක් එල්ල කර තිබෙනවා. එය ද මෙවර තරග වාරයේ දී සියලු කණ්ඩායම්වල දක්ෂතා සසදා බැලීමේ දී එක් කණ්ඩායමක පන්දු යවන්නන්ට එරෙහිව පවර්ප්ලේ අවස්ථාවේ දී වාර්තා වී ඇති ඉහළම හතරේ හා හයේ පහර සංඛ්‍යාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...