ඇෆ්ඝනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයක් බංග්ලාදේශය කපා හරියි

Date:

ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අයත්ව තිබූ ටෙස්ට් තරගයක් අවලංගු කිරීමට තීරණය කළ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

පවතින කාර්යයබහුල තරග කාලසටහන සලකා බලා මෙම පියවර ගත් බවයි එරට ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ජලාල් යුනුස් මාධ්‍ය වෙත සදහන් කළේ.

මෙම සංචාරයේ දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3 ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, ඉන් එක් ටෙස්ට් තරගයක් අවලංගු කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සූදානම් වීමේ අරමුණින් එක්දින තරග පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබීම ද සලකා බලා මෙම පියවර ගත් බව ජලාල් යුනුස් කියා සිටියා.

අවලංගු කෙරුණු ටෙස්ට් තරගය වෙනත් කාලයකදී පැවැත්වීමට ද අවධානය යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...