මුම්බායි සුපිරි වේග පන්දු යවන්නා බෙල්ජියමට ගිය බව පුහුණුකරු තහවුරු කරයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර පසුගිය දිනක දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් සුළු ශල්‍යකර්මයකට මුහුණ දුන් බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් මේ වන විට තහවුරු කර තිබෙනවා.

බෙල්ජියමේ දී මෙම ශල්‍යකර්මය සිදු කර ඇති බවයි ඔහු සදහන් කර සිටියේ. වැලමිටෙහි ශල්‍යකර්මයක් සදහා ඔහු මෙලෙස එක් දිනක් සදහා එරටට පිටත්ව ගොස් තිබූ බව සදහන්.

කෙසේ වෙතත්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව අද(30) මුම්බායි හී දී පැවැත්වීමට නියමිත අයි.පී.එල් තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ඔහුව සලකා බැලීමට හැකි බව ද පුහුණුකරු කියා සිටියා.

ලොව ප්‍රධානතම වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන බාර්බඩෝස්හි උපත ලද එංගලන්ත ක්‍රීඩක ජොෆ්ර ආචර්ට පසුගිය කාලය පුරාම ආබාධ හේතුවෙන් තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ද මුම්බායි කණ්ඩායම ක්‍රීඩා කළ තරග 7න් ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ තරග 2ක් සදහා පමණයි. එහිදී ආචර් එක් කඩුල්ලක් දවා ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...