ගුර්බාස්ගේ සුපිරි ප්‍රහාරය අපතේ යයි ; පන්දු යවන්නන් හා ජිල්, ශන්කර් ටයිටන්ස් පෙරමුණට ගෙන යයි

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 39 කින් රැස් කළ ලකුණු 81 අපතේ යවමින් මොහමඩ් ෂාමි, ජොෂ් ලිට්ල් හා නූර් අහ්මඩ්ගේ විශිෂ්ඨ පන්දු යැවීමත්, විජයි ශන්කර්ගේ වේගවත් අර්ධ ශතකයත් හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(29) සමත් වුණා.

කොල්කටා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

ගුර්බාස්ගේ ලකුණු 81 ට හයේ පහර 7 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. අන්ඩ්‍රි රසල් පන්දු 19කින් ලකුණු 34 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 2 ක් සමගින්.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෂ් ලිට්ල් හා නූර් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් පිතිකරුවන් පන්දුවාර 17.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෂුබ්මන් ගිල් ලකුණු 49ක් රැස් කළේ පන්දු 35 කින්. විජයි ශන්කර් පන්දු 24 කින් නොදැවී ලකුණු 51 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් සමගින්.

ඩේවිඩ් මිලර් පන්දු 18 කින් හයේ පහර හා හතරේ පහර 2 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 32 ක් රැස් කළා.

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු 12 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...