ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

Date:

ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය අද (28) ලෝක වාර්තාවක් පිහිටු වීමට සමත් වුණා. ඒ, අයර්ලන්තය සමග ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් අවසන් දිනයේ දී යි.

එහිදී අයර්ලන්ත කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස පෝල් ස්ටර්ලින්ග් දවා ගනිමින් ප්‍රභාත් සිය 50 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් වේගවත්ම, එනම් අවම තරග සංඛ්‍යාවකින් එම කඩඉමට ළගා වූ පන්දු යවන්නා වන්නේ ඔහුයි.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එම වාර්තාව පිහිටුවා තිබුණේ රමේෂ් මෙන්ඩිස් විසින්. ඔහු අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී සිය 50 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත් අතර, ඒ අනුව ඔහු එම කඩඉමට ළගා වුණේ ටෙස්ට් ඉනිම් 21 ක් (තරග 11ක්) ක්‍රීඩා කරමින්.

ප්‍රභාත් ජයසූරිය අද ඉතිහාසගත වුණේ ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් ලොව වේගවත්ම දග පන්දු යවන්නා ලෙසයි. එමෙන්ම ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් ලොව සම දෙවැනි වේගවත්ම පන්දු යවන්නා ලෙස ද ප්‍රභාත් ඉතිහාසගත වුණා.

මීට පෙර වේග පන්දු යවන්නන් වන එංගලන්තයේ Tom Richardson හා දකුණු අප්‍රිකාවේ Vernon Philander ද තරග 7කදී එම කඩඉමට ළගා වී තිබුණා.

අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50 ක් දවා ගෙන ඇත්තේ තරග 6කින් එම කඩඉම සපුරා ගත් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Charlie Turner.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...