දිමුත් තවත් වාර්තාවක් සම කරයි

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක හා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද (26) තවත් වාර්තාවක් සම කිරීමට සමත් වුණා.

ඒ, අයර්ලන්තය සමග ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී සිය 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමත් සමඟයි.

ඒ අනුව ඔහු වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස වැඩිම සම ටෙස්ට් ශතක ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවා ලෙසයි.

මීට පෙර මාවන් අතපත්තු ද ටෙස්ට් ශතක 16ක් වාර්තා කර තිබූ අතර සනත් ජයසූරිය ටෙස්ට් ශතක 13ක් වාර්තා කර තිබුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස ටෙස්ට් ශතක දහයකට වැඩි ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ එම පිතිකරුවන් තිදෙනා පමණයි.

ඔවුන්ට අමතරව ආරම්භක පිතිකරුවන් ලෙස තිලකරත්න ඩිල්ෂාන් ශතක 8 ක් ද, මයිකල් වැන්ඩොට් ශතක හතරක් ද වාර්තා කර තිබෙනවා.

ටෙස්ට් ලකුණු 6,524 ලබා සිටින දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් 5 වැනි වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන අතර, ආරම්භක පිතිකරුවෙකු ලෙස ටෙස්ට් පිටියේ දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කර ඇත්තේ ද ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...