Watch : සුපිරි පන්දු යැවීමකින් වනිදු දවා ගත් කඩුලු දෙක

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංග අද(26) සමත් වුණා.

බැංගලූරුහී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොල්කටා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 200 ක් ලබා ගත්තා.

ජේසන් රෝයි පන්දු 29 කින් ලකුණු 56 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 24 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 48(21) ක් ලබා සිටි නායක නිටිෂ් රානා හා ලකුණු 31 ක් ලබා සිටි වෙන්කටේෂ් අයියර්.

ඉනිම් 18 වැනි පන්දුවාරයේ දී, එනම් වනිදු මෙම තරගයේ දී යොමු කළ සිව්වන හා අවසන් පන්දුවාරයේ දී ලකුණු 3 ක් පමණක් ලබා දෙමින් ඔහු එම කඩුලු දෙක දවා ගත්තා.

ඒ, කොල්කටා කණ්ඩායම අවසන් පන්දුවාර 5 තුළ දී ලකුණු 69 ක් වාර්තා කළ පසුබිමකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...