වනිදුගේ දක්ෂ පන්දු යැවීම අභිබවා වාර්තා වූ රෝයි-රානා ප්‍රහාරය කොල්කටාවට ජය ගෙනෙයි

Date:

ජේසන් රෝයිගේ හා නිටිෂ් රානාගේ වේගවත් ප්‍රහාරය මෙන්ම පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(26) සමත් වුණා.

බැංගලූරුහී දී පැවැති මෙම තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 201 ක ඉලක්කය හඹා ගිය බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 179 ක් පමණයි.

විරාත් කෝලි පන්දු 37 කින් ලකුණු 54 ක් රැස් කළේ හතරේ පහර 6 ක් සමගින්. මහිපාල් ලොම්රෝර් ලකුණු 34 ක් හා දිනේෂ් කාර්තික් ලකුණු 18 ක් ලබා ගත්තා. වනිදු හසරංග ලබා ගත්තේ ලකුණු 5 ක් පමණයි.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සුයාෂ් ෂර්මා හා අන්ඩ්‍රි රසල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 200 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

ජේසන් රෝයි පන්දු 29 කින් ලකුණු 56 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් සමගින්. පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 24 කට කඩුලු 2 ක් දවා ගත්තා. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 48 (පන්දු 21 කදී) ක් ලබා සිටි නායක නිටිෂ් රානා හා ලකුණු 31 ක් ලබා සිටි වෙන්කටේෂ් අයියර්.

ඉනිම් 18 වැනි පන්දුවාරයේ දී, එනම් වනිදු මෙම තරගයේ දී යොමු කළ සිව්වන හා අවසන් පන්දුවාරයේ දී ලකුණු 3 ක් පමණක් ලබා දෙමින් ඔහු එම කඩුලු දෙක දවා ගැනීම කැපී පෙනුණා. ඒ, කොල්කටා කණ්ඩායම අවසන් පන්දුවාර 5 තුළ දී ලකුණු 69 ක් වාර්තා කළ පසුබිමකයි. වනිදු හසරංගට හැරුණු විට සෙසු සියලු පන්දු යවන්නන්ට පාහේ මෙම තරගයේ දී කොල්කටා පිතිකරුවන් දැඩි ප්‍රහාරයක් දියත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...