නවසීලන්ත එක්දින සංචිතයට වෙනසක්

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට මාර්ක් චැප්මන් කැදවා තිබෙනවා.

ඒ, දෙරට අතර පැවැති 20යි 20 තරගාවලියේ දී ඔහු දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

තරග 5 කින් යුත් 20යි 20 තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ චැප්මන් තරග 5 තුළ ලකුණු 290 ක් රැස් කිරීමට සමත් වුණා.

තරග 5 කින් යුත් 20යි 20 තරගාවලියකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද එය වාර්තා අතරට එක් වුණා.

දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයේ දී චැප්මන් පන්දු 57 කින් නොදැවී ලකුණු 104 ක් රැස් කරමින් නවසීලන්තයට විශිෂ්ඨ ජයක් හිමි කර දීමට සමත් වුණා.

පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය රාවල්පින්ඩි හී දී එළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

New Zealand ODI squad :

Tom Latham (c),Tom Blundell, Chad Bowes, Mark Chapman, Matt Henry, Ben Lister, Cole McConchie, Adam Milne, Daryl Mitchell, Jimmy Neesham, Henry Nicholls, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...