ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ගේට්ටු දෙකක් සචින් තෙන්ඩුල්කාර්ගේ හා බ්‍රයන් ලාරාගේ නම්වලින් නම් කර තිබෙනවා.
අදට (24) යෙදී ඇති ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ 50 වැනි උපන් දිනය වෙනුවෙනුයි ඔහුගේ නමින් එක් ගේට්ටුවක් නම් කිරීම සිදු කර ඇත්තේ.
එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී වාර්තා කළ ලකුණු 277 ට වසර 30 ක් සපිරීම නිමිත්තෙනුයි ඔහුගේ නම එක් ගේට්ටුවකට යොදා ඇත්තේ.
1993 වසරේ ජනවාරි මාසයේ දී යි ලාරා එම ලකුණු 277 වාර්තා කළේ.
සංචාරක ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයේ ක්රීඩාකලාපය තුළට ඇතුළු වීමට භාවිතා කරන ගේට්ටු මෙලෙස බ්‍රයන් ලාරා-සචින් තෙන්ඩුල්කාර් ගෙට්ටු ලෙස නම් කර ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

