තරගයේ අවසන් පන්දුවාරයේදී පිට පිට පන්දු 4 කින් කඩුලු 4 ක් දැවී යාම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හමුවේ ලකුණු 7ක පරාජයක් අත්විදීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට අද(22) සිදු වුණා.
ලක්නව් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 136 ක ඉලක්කයක් හඹා ගිය සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.
අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීමට ලකුණු 12 ක් අවශ්‍ය වූ නමුත් මොහිට් ෂර්මා යොමු කළ එම පන්දුවාරයේ දී ලක්නව් කණ්ඩායමට කඩුලු 4 ක් දැවී ගොස් ලබා ගත හැකි වූයේ ලකුණු 4 ක් පමණයි.
කඩුලු හතර දැවී ගිය අයුරු පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) April 22, 2023

