පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ප්‍රතිපලයකින් තොරව අද(20) රාත්‍රියේ නිමා වුණා.
ඒ, තරගය පැවැති රාවල්පින්ඩි ක්‍රීඩාංගනයට හා ඒ අවට ප්‍රදේශයට බලපෑ දැඩි හිම කැට වර්ෂාවක් හේතුවෙන්.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 18.5 ක් අවසානයේ දී කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
මාර්ක් චැප්මන් පන්දු 42 කින් නොදැවී වේගවත් ලකුණු 71 ක් හා චැඩ් බොවුස් පන්දු 38කින් ලකුණු 54 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ඉමාඩ් වසීම් ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.
අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඒ අනුව තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තානයයි.
Hailstrom in #PAKvNZ T20 match in Rawalpindi stadium pic.twitter.com/lSXeZgNK2F
— Asimkhan (@khan123464) April 20, 2023

