Watch : වනිදුගේ පළමු පන්දුවටම මැතිව් ශෝර්ට් ගොදුරු වූ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි කඩුල්ල බිද හෙලීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ශ්‍රී ලංකාවේ වනිදු හසරංග අද(20) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලිය යටතේ අද පස්වරුවේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ තරගයේ දී යි.

මොහාලි හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් රැස් කළා.

විරාට් කෝලි ලකුණු 59 ක් හා ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 84 ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී හර්ප්‍රීට් බ්‍රාර් ලකුණු 31 කට කඩුලු 2ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං හා නේදන් ඇලිස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පංජාබ් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ලෙස මැතිව් ශෝර්ට් ලකුණු 8කට දැවී ගියා.

ඒ, වනිදු හසරංග මෙම තරගයේ යොමු කළ පළමු පන්දුවම කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. පංජාබ් ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී යි එම කඩුල්ල බිද වැටුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...