දික්වැල්ලගෙන් නොලැබුණු දේ සධීර කරලා පෙන්නුවා : දිමුත්

Date:

කඩුලු රකින පිතිකරුවෙකුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වන සේවය නිරෝෂන් දික්වැල්ලගෙන් බොහෝ විට නොලැබුණ ද, සධීර සමරවික්‍රම එම සේවය ලබා දුන් බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

අයර්ලන්තය සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 280 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වූ අතර, එහිදී සධීර නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්.

“අපි පිතිකරුවන් 7 දෙනෙකුගෙන් ක්‍රීඩා කරනකොට අනිවාර්යයෙන්ම අපි කඩුලු රකින්නාගේ බැටින් ගොඩක් බලාපොරොත්තුවෙනවා. ඉතිං ඒක අපිට දික්වැල්ලගෙන් ගොඩක් වෙලාවට හම්බුණේ නැහැ. නමුත්, සධීර ඒක කරලා පෙන්නුවා.”

“මම සධීරට ගොඩක් වෙලාවට කියන්නේ එයාගේ කඩුලු රැකීම ගොඩක් දියුණු කර ගන්න කියලා. මොකද ගාල්ල කියන්නේ ගොඩක් අමාරු තැනක් කඩුලු රකින්නෙකුට. සෑහෙන ලොකු ජොබ් එකක් කරා කඩුලු රකින්නෙකු විදිහට. මම හිතනව එයා කණ්ඩායමට ඕනෙ දේ කරලා දෙයි කියලා.”

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අනාගතය සම්බන්ධයෙන් ද මෙහිදී දිමුත් අදහස් පල කළා.

“හොද දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. නවක ක්‍රීඩකයිනුත් හොදින් ක්‍රීඩා කරනවා. නමුත් මම තාම හිතනවා අපි අපිට දෙන්න පුලුවන් 100%ම නෑ කියලා. මට හිතෙනවා අපි පන්දු යැවීමෙන් තාම ටිකක් පහළ මට්ටමෙන් ඉන්නේ කියලා. සමහරක් වෙලාවට අපි හොදට පන්දු යවනවා. සමහරක් වෙලාවට හරියට පන්දු යවන්නේ නැහැ. නිකං ඔහේ යනවා වගේ මට තේරෙනෙවා. අපි ප්ලෑන් එකක් දැම්මට ඒකට ඇප්ලයි වෙන්නේ නැති දෙයක් මම දකිනවා. ඉතිං ඒ දේවල් අපි සෑහෙන්න හදා ගන්න ඕනෙ. මොකද හොද ටීම්ස් එක්ක ගහනකොට මම හිතන්නේ නැහැ ලේසි වෙයි කියලා ඉස්සරහට යනකොට. හැමෝම් පොඩි ප්‍රමාණයක් ටෙස්ට් ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒගොල්ලේ ඉස්සරහට යනකොට හැදෙයි කියලා හිතෙනවා.”

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට වැඩි ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට නොලැබෙන බැවින් දේශීය තරගවලදී ද හොදින් ක්‍රීඩා කර අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමට ක්‍රීඩකයින් කටයුතු කළ යුතු බව දිමුත් අවධාරණය කර සිටියා.

“පිතිකරුවන් ගත්තොත් අපිට හොද සංයුතියක් ඉන්නවා. අත්දැකීම් බහුල ක්‍රීඩකයිනුත් ඉන්නවා. පිතිකරණයේ මම අඩුපාඩුවක් දකින්නේ නැහැ. නමුත්, අපි රටින් පිට ගියාම අපි කොහොමද අපේ පිතිකරුවන් ඒ කන්ඩිෂන්වලට ඇප්ලයි වෙන්නේ කියන එක තමයි එකම තියෙන අඩුපාඩුව. ඒක අපි ගොඩක් හදාගන්න ඕනෙ. අපි හැමෝම ස්ටාර්ට්ස් ගන්නවා, අපි කවුරුත් ලොකු ඉනිමකට කන්වර්ට් කරනවා හරි අඩුයි. ඒව තමයි අපි හදා ගන්න ඕනෙ. ඒව ටික හදාගත්තොත් මම හිතනවා අපිට ඕනෑම රටකට ගිහිං ජයග්‍රහනය කරන්න පුලුවන් කණ්ඩායමක් ඉන්නවා කියලා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...