අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ දැවැන්තම ජය ලබයි

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් හා ලකුණු 280 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(18) සමත් වුණා.

එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයේ දී ලකුණු පරතරය අතින් (ඉනිමක ජයක් ලැබූ විට) ලැබූ ඉහළම ජයග්‍රහනය ලෙසයි ඉතිහාසගත වුණේ. මීට පෙර ශ්‍රී ලංකාව සිය දැවැන්තම ටෙස්ට් ජය වාර්තා කර තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2004 වසරේ දී යි. ඒ, ඉනිමක හා ලකුණු 254 ක ජයක් වාර්තා කරමින්.

ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා ලකුණු 448 ක් හඹා ගිය අයර්ලන්තයට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 168 ක් පමණයි.

තරගයේ තෙවැනි දිනය අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි. ලෝකන් ටකර් ලකුණු 45 කට දැවී ගියා. ජේම්ස් මැකලම් ලකුණු 35 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 34 ක් රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 7 ක් දවා ගත්තේ ලකුණු 52 ක් ලබා දෙමින්. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගත්තා.

අනතුරුව ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ Harry Tector. ඔහු ලකුණු 42 කට දුවද්දී දැවී ගියා. Curtis Campher ලකුණු 30 යි. ඔවුන් දෙදෙනා අතරේ  6 වැනි කඩුල්ල සදහා ලකුණු 60 (129) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. George Dockrell ලකුණු 32 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 76 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් ද, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් ද දවා ගත්තා. ජයසූරිය මෙම තරගයේ දී බිද හෙලූ කඩුලු ගණන 10 ක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදීයි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 140 ක්. දිනේෂ් චන්දිමාල් නොදැවී ලබා ගත් ලකුණු ප්‍රමාණය 102 ක්. සධීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 104 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...