අයර්ලන්තය ඉනිමක පරාජයක් අභියස

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 41 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින Harry Tector ලකුණු 12 ක් ද, Curtis Campher එක් ලකුණක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ James McCollum ලකුණු 8 කටත්, Murray Commins ලකුණු නොලබාත් දැවී ගියා. විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ Commins දෙවැනි ඉනිමේ දී ද දැවී ගිය අතර, ඔහු පළමු ඉනිමේ දී ද විශ්වගේ පන්දුවක් හමුවේම දැවී ගියේ ලකුණු නොලබා සිටියදීයි.

Andy Balbirnie හා Lorcan Tucker ලකුණු 6 බැගින් ලබා සිටියදී දැවී ගියා. Peter Moor ලකුණු නොලබා සිටියදී දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ short leg හි පන්දු රකිමින් සිටි නිශාන් මදුෂ්ක රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙනුයි. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත් අතර, රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට අයර්ලන්තය ඉනිමක පරාජයන් ගැළවීම සදහා තවත් ලකුණු 407 ක් ලබා ගත යුතුයි.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලෝකන් ටකර් ලකුණු 45 කට දැවී ගියා. අයර්ලන්ත ඉනිම වෙනුවෙන් ජේම්ස් මැකලම් ලකුණු 35 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 34 ක් රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 7 ක් දවා ගත්තේ ලකුණු 52 ක් ලබා දෙමින්. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගත්තා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...