“ඩ්‍රොප් වුණ එකෙන් මම ලොකු දෙයක් ඉගෙන ගත්තා” – සධීර සමරවික්‍රම

Date:

තමාව ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් පසුව තමා බොහෝ දේ ඉගෙන ගත් බව ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු සධීර සමරවික්‍රම පවසනවා.

අයර්ලන්තය සමග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමෙන් පසුව දෙවැනි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

වසර 6කට පමණ පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට පැමිණි සධීර මෙම තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 104 ක් රැස් කළේ පන්දු 114 කට මුහුණ දෙමින්.

ඔහු සිය මංගල ටෙස්ට් තරගය පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ අතර, එම තරගයේ පළමු ඉනිමේ දී ඔහු පන්දු 35 කින් ලකුණු 38 ක් රැස් කළා. කෙසේ වෙතත්, පසුව ඉන්දීය සංචාරයක නිරත වූ ඔහුට පිළිවෙලින් වාර්තා කිරීමට හැකි වූයේ ලකුණු 23, 0, 13, 0, 33, 5 ක් වශයෙන්. අනතුරව ඔහුට ටෙස්ට් කණ්ඩයමේ ස්ථානය අහිමි වුණා.

“ඩ්‍රොප් වුණ එකෙන් මම ලොකු දෙයක් ඉගෙන ගත්තා. මොකද මං එතකොට අවුරුදු 22 ක් විතර මං ඉන්දියාවත් එක්ක තරග 3ක් ක්‍රීඩා කරද්දි.” යනුවෙන් සධීර කියා සිටියා.

“ලෝකෙ ඉන්න හොදම කණ්ඩායමත් එක්ක මම ක්‍රීඩා කරලා මට ලොකු දෙයක් කරගන්න බැරි වුණාට මම යම්කිසි තරමකට ක්‍රීඩා  කරගත්තා. මම එතැනින් ඉගෙන ගත්ත දේ මම මෙතන්ට ගෙනාව. මම ඩ්‍රොප් වුණාට මම ගොඩක් ඉගෙන ගත්ත කොහොමද ටොප් ලෙවල් එකේ ගහන්නේ කියලා. ඉතිං මම ඒ දේවල් තිබ්බ (දේශීය) තරගාවලියන්වල දී කරලා, කරන්න පුලුවන් බේසික් දේවල් කරගෙන ආව දිගටම. මානසික පැත්තෙනුත් ගොඩක් වැඩ කරා.”

“මම ක්‍රීඩා කරන්නෙ එක ස්ථානයක නෙවෙයි. හැම තැනක වගේ ක්ලබ් එකෙයි පළාත් තරගවලයි ක්‍රීඩා කරා. ඇත්තටම අංක 7 ක්‍රීඩා කරේ පළමු වරට. (රාත්‍රී මුරකරු පිතිකරු නිසා ඔහුට අංක 8 ක්‍රීඩා කිරීමට සිදු වුණේ) ඉතිං මම එක එක තත්ත්වයන්ට අනුවර්තනය වුණා කොහමද ගහල ඒ වගෙන් ගොඩ එන්නේ කියලා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...