Watch : මුරලිගේ 800 චිත්‍රපටයේ නිල චලන පෝස්ටරය නිකුත් වෙයි

Date:

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කෙරෙන කොලිවුඩ් චිත්‍රපටයට අදාළ නිල පෝස්ටරය හා නිල චලන පෝස්ටරය (Motion Poster) අද (17) එළි දැක්වුණා.

මුරලිදරන්ගේ 51 වැනි උපන් දිනය ද අදට යෙදී ඇති පසුබිමකයි මෙම පෝස්ටරය එළිදක්වනු ලැබුවේ.

ටෙස්ට් කඩුලු 800 ක් දවා ගැනීමට සමත් වූ මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ. එම කඩුලු ගණන මෙම චිත්‍රපටයේ නම ලෙස යොදා තිබෙනවා.

Madhurr Mittal මෙම චිත්‍රපටයේ දී මුරලිදරන්ගේ චරිතය වෙනුවෙන් රංගනයෙන් එක් වනවා. මීට පෙර විජයි සේතුපති විසින් ඔහුගේ චරිතයට රංගනයෙන් එක්වීමට නියමිතව තිබූ නමුත්, මෙම චිත්‍රපටයෙන් ඉවත් වන ලෙසට විජයි සේතුපතිට පාර්ශව රැසකින් බලපෑම් එල්ල වුණා. ඒ අනුව විජයි සේතුපති චිත්‍රපටයෙන් ඉවත් වීමට තීරණය කළා.

“වැරැදි වැටහීම හේතුවෙන් චිත්‍රපටයෙන් ඉවත් වන ලෙසට විජයි සේතුපතිට ඇතැම් පිරිසක් බලපෑම් කරනවා. මට අවශ්‍ය නැහැ තමිල්නාඩුවේ හොදම නලුවෙකු කරදරයකට පත් වෙනවට. ඒ නිසා මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මෙම චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස. චිත්‍රපටයේ නිෂ්පාදකයින් මෙම අභියෝගය ජය ගන්නා බව මට විශ්වාසයි.” යනුවෙන් මුරලිදරන් නිවේදනයක් නිකුත් කරමින් මීට පෙර සදහන් කර තිබුණා.

එම්.එස් ශ්‍රීපති විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර, එය දෙමළ, තෙලුගු හා හින්දි භාෂාවලින් ලබන නොවැම්බර් මාසයේ දී ප්‍රදර්ශනය කිරීම ආරම්භ කිරීමට නියමිත බව සදහන්.

නිල පෝස්ටරය හා නිල චලන පෝස්ටරය පහතින් –

https://www.youtube.com/shorts/hHWN4fXAVIo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...