දිමුත්ගේ අර්ධ ශතකය හමුවේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වූ අතර, ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 119 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක දිමුත් ලකුණු 54 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 33 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂ්ක ලකුණු 29කට දවා ගැනීමට කර්ටිස් කැම්පර් සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම අද තරගය සදහා කැදවා ඇති අතර, වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස විශ්ව ප්‍රනාන්දු සමගින් අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරනවා. ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කරන්නේ ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...